තවත් සේවා කිහිපයක්, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් සහ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම හා සම්බන්ධ සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් වේ.


