විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇමති වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරයි

තමන් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් හමුවී, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

යෝජිත ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළ නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙල, සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහාය, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කාර්‍යංශය පිහිටුවීම, යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඔවුන්ව දැනුවත් කළ බව ඇමැතිවරයා සඳහන් කරයි.

මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් සහ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කාර්යංශයේ ප්‍රධානියා සහභාගී වූ බවද ඇමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *