උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි ප්‍රහාරයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථය ඉලක්ක කර, එල්ල වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාර දෙන බව පොලීසිය සඳහන් කරයි. 

උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර ඊයේ(17) රාත්‍රී 10.30 පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල විය.  

පොලිසිය පැවසුවේ අනුරාධපුර, ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා ඇති බවයි.

මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස, ගේට්ටුවෙන් නිවසට ඇතුළු වන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. 

ඉන්, මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *