ඉන්ධන මිල ගණන් ඉහළට…

ඊයේ ,අගෝ. 3 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයිඕසී සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය ක තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 361ක් දක්වා ඉහළ යනු ඇත.

එමෙන් ම, ඔක්ටේන් 95 පෙට්ට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 417ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් සහ ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 1කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 359ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම, භූමිතෙල් ලීටරක මිල ද රුපියල් 5කින් ඉහළ දමා ඇති ඇති අතර නව මිල රුපියල් 231කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *