දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්!

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙන් ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අද රාත්‍රී 8:00 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කර ඇත.

එමෙන් ම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන වන ජනතාව ද නාය යාම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසු විය යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *