තායිලන්ත හිටපු අගමැති රටට ආ හැටියේම අත්අඩංගුවට…

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා වසර 15ක් රටින් පිටව සිට නැවත තායිලන්තයට ගොඩබැසීමත් සමග කඩිනමින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිරගත කර ඇත.

විදුලි සංදේශ ව්‍යාපාරයෙන් තම වාසනාව ඉපැයූ තක්ෂින්, සිංගප්පූරුවේ පෞද්ගලික ගුවන් යානයකට ගොඩවී, පසුගිය අඟහරුවාදා පෙරවරු 9 ට, බැංකොක්හි දොන් මුවැන්ග් ගුවන්තොටුපළට ගොඩබැස තිබේ.

පැමිණීමේදී ඔහුට ගෞරව දක්වා ඇති අතර ටික වේලාවකට පසු පොලිස් රථ පෙළකින් ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගොස්, එහිදී බලය අයුතු ලෙස භාවිත කිරීම සහ දේශපාලන අභිප්‍රේරණයක් ලෙස ඔහු විස්තර කර ඇති, තවත් කැපී පෙනෙන අපරාධ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කර තිබේ.

පසුව ඔහු බැංකොක් බන්ධනාගාරයකට ගෙන යන ලද අතර, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වසර අටක් සිරගත කරන බව ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් ඒජන්සිය වාර්තා කළේය.

තක්ෂින් 2001 දී බලයට පත්වූ අතර, 2006 සැප්තැම්බර් මාසයේදී, ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට සූදානම් වෙමින් නිව්යෝර්ක් හි සිටියදී, හමුදාව රටේ බලය අල්ලා ගත්තේය.

පසුව බලය අයුතු ලෙස භාවිත කිරීමේ වරදට තක්ෂින් වරදකරු කරන ලද අතර 2008 දී ඔහු රටින් පළාගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *