සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) අතර නිල හමුව අද (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින සහයෝගීතාව ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එසේම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ අත්සන් තැබූ බවයි සඳහන් වන්නේ.


