පාතාල කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් නිසා අද උදෑසන වෙඩි තැබීමක්

පාතාල කණ්ඩායම් සමාජිකයන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වැලිවේරිය ප්‍රදේශයේදී අද(05) උදෑසනද වෙඩි තැබීමක් සිදුව ඇත.

ඩුබායි හි වෙසෙන කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයාගේ මෙහෙයවීම මත මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ඝාතනයට ලක්වූ පස් පොඩ්ඩා නමැති පාතාල නායකයාගේ රියදුරකු ලෙස සේවය කළ තරුණයකු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

මීට පෙර සිදුකෙරුණු තරුණයකු ඝාතනය කිරීමේ සිදුවීමකට පළිගැනීමක් ලෙස තුවාලකරුව ඝාතනය කිරීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ.

තුවාලකරු ගම්පහ රෝහලට ඇතුලත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *