නීති විද්‍යාල ගාස්තු ඉහළට…

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සියලු අධ්‍යාපන කටයුතුවල ගාස්තු 150% සිට 1400% දක්වා අධික ලෙස ඉහළ දමා තිබේ.

ඒ අනුව, විභාගයට සාමාන්‍ය ඇතුළත් වීමේ ගාස්තුව රුපියල් 6,000 සිට 15,000 දක්වා, එනම් සියයට 150කින් ද ආරම්භක වසරේ ගාස්තු ලෙස 18,900 සිට 67,500 දක්වා එනම් සියයට 257.14%කින් ද වැඩි කර තිබේ.

එමෙන් ම, විභාගයට ලියාපදිංචි වීමේ ප්‍රමාද ගාස්තු රුපියල් 1,000 සිට 15,000 දක්වා එනම් 1500% කින් ද මෙලෙස වැඩි කර තිබේ.

ප්‍රායෝගික පුහුණු සඳහා රුපියල් 6,000 සිට 25,000 දක්වා එනම් 300.67%කින් ද ශිෂ්‍ය අනන්‍යතාව තහවුරු කිරීමේ ගාස්තු රුපියල් 500 සිට 7500 දක්වා එනම් 1400%කින් ද මෙසේ ඉහළ දමා තිබේ.

ඒ අනුව විවිධ අධ්‍යයන ගාස්තු වර්ග 13ක ගාස්තු මෙලෙස ඉහළ දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *