ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක්!

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිරදඬුවමක් ලබාදෙමින්, ඔහුව වසර 05කට දේශපාලනයේ යෙදීමට නුසුදුස්සකු බවට පත් කර තිබේ.

‘ටොෂකානා දූෂණ නඩුව’ ලෙස හැඳින්වෙන, රාජ්‍ය තෑගි නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට මෙලෙස වසර තුනක සිර දඬුවමක් එරට අධිකරණය නියම කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

නීති විශාරදයින් පෙන්වාදෙන්නේ, මෙම නඩුවේ වරදකරුවා ලෙස නම් කළ ඉම්රාන්ට, ලබන නොවැම්බර් මස මුලදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ සඳහා තරග කිරීමට අවස්ථාව නොලැබෙනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *