දේවාලයෙන් නැගෙන අධික ශබ්දය නිසා අදාළ කාන්තාව ඊයේ (04) රාත්රියේ ඊට විරෝධය පළ කිරිම නිසා ඇයට පහරදුන් පුද්ගලයින් පස්දෙනෙකු ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආණමඩුව, කෝන්වලකන්ද ප්රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්.
එම දේවාලය පවත්වාගෙන ගිය කාන්තාවගේ පුතා සහ තවත් හතර දෙනෙක් පැමිණ තමන්ට පහරදුන් බව අදාළ කාන්තාව කළ පැමිණිල්ලක් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.


