රාජ්‍ය ආයතන දෙකක් මුදල් අමාත්‍යාංශය යටතට ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

රාජ්‍ය ආයතන 2 ක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එලෙස පවරාගෙන ඇත්තේ, සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයයි.

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පැවති අතර ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ පැවතියේ ය.

එම ගැසට් නිවේදනය පහතින්,

2343 05 S 1
2343 05 S 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *