සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් අද (02) දිනයේ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවි කුමුදේශ් සඳහන් කළේ.
සෞඛ්‍ය සේවාවට අදාළ ගැටලු මාධ්‍යට නිරාවරණය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කරන ලද චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට දිනයේ දී වැඩවර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබුණා.


