ජපාන විදේශ ඇමති ඇතුළු දූත පිරසක් 28 වනදා මෙරට සංචාරයකට…

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා ජූලි 28 සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍යංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ද නියමිත ය.

ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකාමි මනාබු, අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල්අරිමා යුටාකා, ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් එන්ඩෝ කසුයා, නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඔකානෝ යුකිකෝ යන මහත්ම මහත්මීහු ඇතුළු ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් 22 කින් සමන්විත දූත පිරිසක් ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා සමඟ මෙම සංචාරය සඳහා සහභාගී වේ.

මෙම දූත පිරිස මෙරට තුළ ජපාන නිල සංවර්ධන ආධාර වැඩසටහන (ODA) ක්‍රියාත්මක වන ස්ථානයක ද සංචාරයේ නිරත වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *