නැගී එන ආසියානු කුසලානය මෙවරත් පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායමට…

නැගී එන ආසියානු කුසලානය අඛණ්ඩව දෙවන වරටත් ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමත් විය.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි ඊයේ(23) පැවැති අවසන් මහ තරගයේදි ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලකුණු 128කින් පරදවමිනි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 50 තුළදී කඩුලු 08ක් දැවි ලකුණු 352ක් රැස්කළේය.

එහිදී තයියබ් තහිර් ලකුණු 108ක් ලබාගත්තේ හත⁣රේ පහර 12ක් සහ හයේ පහර 04ක් සමගිනි.

353ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය ‘ඒ’ කණ්ඩායම පන්දුවාර 40ක් අවසානයේ ලකුණු 224කට දවාගැනීමට පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදි ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ අභිෂෙක් ෂර්මා වන අතර ඔහු ලකුණු 61ක් ලබා සිටියදී දැවිගියේය.

ඒ අනුව අවසන් මහා තරගය ජයගත් පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම 2019 වසරේදි ලබාගත් නැගී එන ආසියානු කුසලානය නැවතත් සිය රටට ගෙන යෑමට සමත්විය.

පාකිස්ථනයට අමතරව ශ්‍රී ලංකාව දෙවතාවක් මෙම ශුරතාව දිනාගෙන ඇති අතර ඉන්දීයාව එක්වරක් ඊට හිමිකම් කියනු ලැබීය.

2024දී නැගීඑන ආසියානු එක්දින තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *