පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් රාජපක්ෂ නම් කිරීමේ සූදානමක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීමට සූදානම් වන බව එම පක්ෂ අභ්‍යන්තර වාර්තා අනාවරණය කරයි.

ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීම සඳහා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කරගැනීමටත්, ඔහු හරහා විදේශීය පාර්ශ්වයක සහාය ලබාගැනීමටත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කරමින් සිටින බව පැවැසේ.

එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මෙම ව්‍යාපෘතියේ මූලිකත්වය ගෙන මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සිදුකරනු ඇති බව වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *