දුම්රිය සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩවර්ජනය අද (24) තවදුරටත් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව අද පෙරවරුවේ ධාවනය කිරීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 12 ක් පමණ අවලංගු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අතිකාල දීමනා කප්පාදු කිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම හා අවිධිමත් ලෙස සේවා වාර ධාවනාගාර අතර මාරු කිර්‍රමට විරෝධය පල කරමින් අසනීප නිවාඩු වාර්තා කර මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


