2023 ඉදිරි පාසල් වාර සඳහා කාලසටහන් නිකුත් කරයි

2023 සඳහා දෙවන වන පාසල් වාරයේ පළවන වන අදියර ජූලි 24 ආරම්භ වී අගෝස්තු 17 වන දින අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, අගෝස්තු 18-27 දක්වා පාසල් නිවාඩු ලබා දීමට නියමිතව ඇත.

2 වන වාරයේ 2වන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වීමට නියමිත ය.

3 වන වාරයේ 1වන අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වීමට නියමිත බව සඳහන් ය.

උසස් පෙළ විභාග හේතුවෙන් නොවැම්බර් 25 සිට දෙසැම්බර් 31 දක්වා නිවාඩු ලබා දීමට නියමිත අතර තුන්වන වාරයේ 2 අදියර 2024 ජනවාරි 1 සිට 2024 පෙබරවාරි 16 දක්වා පැවැත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *