සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇත.
දෙවන ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.


