මහා විහාර සංවර්ධනයට විශේෂඥ කමිටුවක්!

මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමකගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කටයුතු කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

මහා විහාර සංවර්ධන සැලැස්ම සහ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ අනුරාධපුර බෝමළු විහාරයේ ඊයේ (22) පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *