මානසික ආබාධයෙන් පෙළෙන තම බිරිඳව ළිඳකට දමා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මානසික ආබාධයකින් පෙළෙන බිරිඳව ළිඳට දමා ඝාතනය කළ සැමියකු ඔඩ්ඩුසුඩාන් පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 69 හැවරදි පස්දරු මවකි.

වසර පහක පමණ කාලයක සිට මානසික ආබාධයකින් පෙළෙන මෙම කාන්තාවට කිසිදු කාර්යයක් තනිවම කරගත නොහැකි නිසා, මෙලෙස ඝාතනය කිරීමට පෙළඹුණු බව 79 හැවිරිදි සැමියා ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.

බිරිඳව ළිඳට තල්ලු කිරීමෙන් අනතුරුව ඔහු ද එම ළිඳට පැන ඇති අතර, ප්‍රදේශවාසීන් එක්ව දෙදෙනාම ගොඩටගෙන රෝහල් ගත කර ඇත.

එහිදී බිරිඳ මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව මෙය ඝාතනයක් බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර ඉදිරි විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *