Online passport ගන්න මාසයක් ඇතුළත අයදුම්පත් 30 000ක්!

අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව පසුගිය ජුනි 15 වන දින සිට ජුලි 15 වනදා දක්වා ගතවූ දින 30 ක කාලය තුළ පුද්ගලයින් 29,578 දෙනෙකු ඒ සඳහා අයදුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අයඳුම් කළ පිරිසෙන් 5,294 දෙනෙකු එක්දින සේවය සඳහා ද 24,285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *