තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා වන, නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.
පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුපියල් බිලියන 10ක වියදමින් මෙම නව්‍යකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් කිසිවිටක තැපෑල ඈවර කිරීමට ඉඩ නොතබන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති “ස්ථාවර රටකට සැවොම එක මඟකට” ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මේ බව සඳහන් කළා.


