මත්පැන් පානය කර කැළණි ගඟේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදහන්!

හංවැල්ල ආටිගල ප්‍රදේශයේ දී කැලණි ගඟේ දිය නෑමට ගිය 20 හැවිරිදි  තරුණයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

ඊයේ (16) සවස කාලයේ  මෙම තරුණයා තවත් දෙදෙනෙකු සමඟ  කැලණි ගඟට දිය නෑමට ගොස් ඇති බව පොලීසිය පවසනවා.

අතුරුදන් වූ තරුණයා ඔහු සේවය කළ ටයර් වෙළෙඳසැලේ උපන්දින සාදයක් පවත්වා මත්පැන් පානය කර පසුව මෙලෙස දිය නෑමට ගොස් ඇති බව අනාවරණ වී ඇත.

හංවැල්ල පොලීසිය විසින් තරුණයා සෙවීමේ  කටයුතු  සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *