25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 02ක්!

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන 25 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 02ක් දිනා දීමට ගයන්තිකා අබේරත්න සහ නදීෂා ලේකම්ගේ සමත්වී තිබෙනවා.

මීටර් 1500 කාන්තා ධාවන ඉසව්ව මිනිත්තු 4යි තත්පර 14.39කින් නිම කරමින් ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එසේම නදීෂා ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් තබමින් කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් අතර එහිදී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 60.9.3 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *