2022 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සංගීතය, නැටුම්, නාට්‍ය හා රංගකලාව යන විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ අගොස්තු මස 12 වනදා දක්වා පැවැත්වෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පෙර වර්ෂවල පැවැති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදාගත් ඇගයීම් ක්‍රමවේදයෙ හි වෙනසක් නොවන අතර මෙවරද එම ක්‍රමවේදයම අනුගමනය කරමින් විභාග පැවැවෙන බවයි සඳහන් වන්නේ.
පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේ දී තැපැල් මඟින් ලැබෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


