චීනය සහ හොංකොං අතර දේශසීමා මුරපොළකදී “අමුතු” ශරීර හැඩයකින් යුත් කාන්තාවක් දැක ඇයව පරික්ෂා කිරීමට එහි සිටි රේගු නිලධාරීන් කටයුතු කර ඇත.
ඒ අනුව විශේෂ පරිපාලන කලාපයට යාබද ෂෙන්සෙන් නගරයේ Futianහි නිලධාරීන් විසින් මෙම කාන්තාවගේ උඩුකය යට ඇඳුමේ ‘බඩ ඉරිඟු සර්පයන්’ ලෙස හැඳින්වෙන සර්පයන් පස්දෙනෙක් සඟවා ඇති බවට සොයා ගෙන තිබේ.
මෙම අසාමාන්‍ය උරග වටලෑම පිළිබඳ පුවත් චීන රේගුව විසින් ජූලි 08 වැනිදා එහි නිල WeChat ගිණුමේ පළ කර ඇත.
ඇයගේ තනපටය තුළ සජීවී සර්පයන් පහක් මේස්වල ඔතා සඟවාගෙන සිටි බව ඔවුන්ට හමුව ඇති අතර, පසුව නිලධාරීන් විසින් සර්පයන් අදාළ බලධාරීන්ට භාර දී තිබේ.
චීන සුරතල් සතුන්ගේ කර්මාන්ත සංගමය විසින් අධීක්ෂණය කරන විශ්ලේෂණ සමාගමක් වන Pethadoop 2021 සඳහන් කර ඇත්තේ, චීනයේ මිලියන දස ගණනක සුරතල් සතුන් හිමිකරුවන්ගෙන් සියයට 5.8ක් උරග එකතුකරන්නන් වන බවය.
මෙම බඩ ඉරිඟු සර්පයා අග්නිදිග එක්සත් ජනපදයට ආවේණික වන අතර, එම සතුන් මෘදු ස්වභාවය සහ අලංකාර වර්ණ නිසා චීන සත්වලෝලීන් අතර ජනප්‍රිය වී ඇත.
චීනයේ රේගු රෙගුලාසි වලට අනුව, විදේශයන්ගෙන් ආනයනය කරන සතුන් පිළිබඳව ප්‍රකාශ කළ යුතු අතර, පාරිසරික හානිය සහ විදේශීය රෝග සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා නිරෝධායන පරීක්ෂණවලට භාජනය කළ යුතු වේ.


