සතොස ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය…

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාළ කටයුතු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සතොස ආයතනය ආර්ථිකයට ඵලදායි අයුරින් දායකත්වයක් ලබානොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

සතොස ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ කටයුතු ඉටුකිරීම සඳහා මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් පත්කර යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට මෙලෙස අනුමැතිව හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *