හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුව රුපියල් මිලියන 100 මුදලක් වන්දි ලෙස ගෙවිය යුතු අතර ඉන් රුපියල් මිලියන ඔහු විසින් 15ක මුදලක් ගෙවා ඇත.
සිරිසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන මෝසමේ සඳහන් කර ඇත්තේ, තමන්ට හිටපු ජනාධිපතිවරයා වශයෙන් විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285 ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බව ය.
ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලද රුපියල් මිලියන 100ක් වන්දි මුදලෙන් ජූනි මස 28 වන දා රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 5ක් බැගින් රුපියල් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බව ද එම මෝසමේ සඳහන් කර ඇත.
එමෙන් ම, ඉතිරි වන්දි මුදල රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10කින් ලබන වසරේ ජූනි 30 වන දා සිට ගෙවීම ආරම්භ කිරීමට අවසර දෙන ලෙස ද හිටපු ජනාධිපතිවරයා ඉල්ලා තිබේ.


