දේශීය ණය ප්රශස්තකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (01)පැවැත්වෙයි.
ඒ අනුව පෙරවරු 9.30 සිට රාත්රි 7.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇති.
මේ අතර, සංශෝධනවලට යටත්ව එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජයේ මුදල් කාරක සභාව අනුමැතිය ලබා දුන්නේ ය.
ඒ , එම කාරක සභාව ඊයේ පස්වරුවේ එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් රැස්වු අවස්ථාවේදී ය.
මේ අතර, පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ය.


