හෙට සිට විදුලි ගාස්තු පහලට…

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2% කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (30) පස්වරුවේ තීරණය කර තිබේ.

ඒකක 0 ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65% ක ගාස්තු අඩු වීමක් සිදුකර ඇත.

එම කාණ්ඩය සඳහා ඒකකයක මිල රු. 30 සිට රු. 10 දක්වා අඩු කර ඇත.

ඔවුන්ගේ මාසික ගාස්තුව රු. 400 සිට 150 දක්වා අඩු වනු ඇති.

ඒකක 60 ට අඩු කාණ්ඩයේ ඒකකයක ගාස්තුව රු. 42 සිට රු. 32 දක්වා අඩුවන අතර මාසික ගාස්තුව රු. 650 සිට රු. 300 දක්වා අඩු වනු ඇත.

ඒකක 91 ත් 120 ත් කාණ්ඩය සඳහා ඒකකයක මිල රු. 42 සිට රු. 35 දක්වා අඩු වනු ඇති.

මාසික ගාස්තුව රු. 1500 සිට රු. 1000 දක්වා අඩු වන බව ද මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

ආගමික ස්ථාන සඳහා 16% ක ගාස්තු අඩුවීමක් හෙට සිට ක්‍රියාත්මකයි.

අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථානවලට ඒකකය රු. 10 බැගින් ලබා දෙන අතර කඩිනමින් සුර්ය බල පද්ධති ස්ථාපනය කරන ලෙස ද කොමිසම කොන්දේසියක් පනවා තිබේ.

හෝටල් අංශයේ ගාස්තු අඩුවීම 26.3% කි.

කර්මාන්ත අංශයටත්  9 % ක ගාස්තු අඩුවීමක් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *