විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි බිල අඩු කිරීමේ යෝජනාව අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම අද (30)රැස්වෙයි.
එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් මහජන අදහස් විමසිම පසුගියදා අවසන් කළ බවයි.
එම යෝජනාවලියෙන් ලබන මස පළමු වැනිදා සිට විදුලි බිල අඩු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබේ.
ඒ අනුව ඒකක 30 දක්වා ගෘහස්ථ හා ආගමික ස්ථානවල විදුලි ගාස්තුව 23% කින් ද හෝටල් හා කර්මාන්තායතනවල විදුලි ගාස්තුව 29% ත් 40 % ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරිමටද විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ.


