පාසල් දරුවන්ගේ දෙමව්පියන්ට ඩෙංගු මර්දන ඒකකයෙන් විශේෂ දැනුම්දීමක්…

ශරීරයේ නිරාවරණය වන ස්ථානවල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා දරුවන් පාසල් වෙත යොමු කරන්නැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, පාසල් දරුවන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට එය ඉවහල් වනු ඇති බවයි.

මේ අතර හෙට (12) පාසල් ආරම්භ වන බැවින් පාසල් ආශ්‍රිතව අද (11) විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාතක්මක බව ද, ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ ය.

මේ අතර රාජ්‍ය ආයතන ආශ්‍රිතව මදුරුවන් බෝවීමේ පරිශ්‍ර බහුල වශයෙන් වාර්තා වීමක් නිරීක්ෂණය වන බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, නොසැලකිළිමත්භාවය ඊට හේතුව වී ඇති බවයි.

ප්‍රමාණවත් සේවකයින් පිරිසක් නොමැති වීම සහ පහසුකම් නොලැබීම හමුවේ ඩෙංගු මර්දන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *