පොහොට්ටු මන්ත්‍රීවරුන් මැයි 9 ගෙවල් ගිනි තැබීම්වලට සාධාරණය ඉල්ලයි…

2022 මැයි 09 දා ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති හමුවේ ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර තිබේ.

එම වැරදි කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව තමන් තුළ බලවත් කනගාටුවක් තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

පොදුජන පෙරමුණේ ගාමිණී ලොකුගේ, සාගර කාරියවසම්, ඩී බී හේරත් ඇතුළු මන්ත්‍රී වරුන් ගණනාවක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ බව සඳහන් කර ඇත.

ආපදාවට ලක් වූ මැති ඇමැතිවරුන් එක්ව අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තමන් ද නොදැනුවත්ව ඉවත් කරගෙන ඇතැයි එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *