සැහැල්ලු අවි සඳහා අවශ්‍ය පතොරම් නිශ්පාදනයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සැරසෙයි…

සැහැල්ලු ආයුධ සඳහා ජීව උණ්ඩ නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉදිරියේ පියවර ගනු ඇතැයි හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට යුද්ධ හමුදාවට අයත් වේයන්ගොඩ පිහිටි නිෂ්පාදන කම්හලේ හමුදා භට පිරිස් සඳහා අවශ්‍ය නිල ඇඳුම්, සටන් හිස් වැසුම්, බොඩි ආමර් ආදිය නිෂ්පාදනය කරන අතර ඉදිරියේදී දෙවන අදියර ලෙස මෙම පතරොම් නිෂ්පාදනය කිරීමට යුද්ධ හමුදාව සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් සඳහන් කළේ, ඒ සඳහා නිපුණත්වය ඇති නිලධාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටින බව ය.

දෙවන අදියර යටතේ සැහැල්ලු ආයුධ සඳහා ජීව උණ්ඩ (පතරොම්) නිෂ්පාදනය කිරීම ඇරඹුවහොත් විශාල විදේශ විනිමයක් රටින් පිටව යාම වළකා ගත හැකි බව ත් වාර්තා වේ.

සැහැල්ලු අවි අතරට නයින් එම්.එම්. පිස්තෝල, ටී. 56 වර්ගයේ ගිනිඅවි සහ එල්.එම්.ජී. තුවක්කු ද ඇතුළත් වේ. මෙම සැහැල්ලු අවි සඳහා අවශ්‍ය පතරොම් මෙතෙක් ගෙන්වනු ලැබුවේ විදෙස් රටවල්වලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *