ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් පහත දමා ඇත.
එහි නව මිල රුපියල් 3,186කි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් පහළ යන අතර එහි නව මිල 1,281ක් වනු ඇත. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83කින් පහළ යන අතර එහි නව මිල 598ක් දක්වා පහළ යයි.
අදාළ මිල ගණන් අද (ජූනි 4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.


