නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (ජූනි 4) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ය.
සබරගමුව පළාතේ ත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.


