තවත් භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට…

භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැන්පතු සීමාව (කෑෂ් මාජින්) වහා ම බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉවත් කරනු ලැබ ඇතැයි බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

ආනයන සහ බැංකු පනතේ විධිවිධානයන්ට අනුව මහ බැංකුව විසින් එම සීමාව ඉවත් කරනු ලැබ ඇත.

ඒ අනුව, භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩවල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැන්පතුවක් තැබීම අවශ්‍ය නොවන අතර එය ආනයන සීමා ඉවත් කිරීමක් වේ.

එමගින් ජංගම දුරකතන, විදුලි පංකා, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක වෙළෙඳපොළ මිල ගණන් පහළ යාමට ඉඩ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *