ගුණසිංහ සූරියපෙරුම මහතා අභාවප්‍රාප්ත වෙයි!

ශ්‍රි ලංකා මහජන වතු සේවක සංගමයේ හිටපු සභාපති ගුණසිංහ සූරියප්පෙරුම මහතා අද (30) අලුයම අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියදෙනවිට වයස අවුරුදු 77 කි.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නුවරඑලිය ආසනයේ හිටපු සංවිධායකවරයකු වන ඔහු කඳපොල මහින්ද මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ගුණසිංහ සූරියප්පෙරුම මහතාගේ අවසන් කැමැත්ත අනුව අවමංගල්‍ය කටයුතු පැය 24ක් ඇතුලත සිදුකිරීමට පවුලේ ඥාතීන් තීන්දු කර ඇති අතර ඒ අනුව ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු  අද (30) සවස 4 ට නුවරඑලිය නාගරික සුසාන භූමියේදි සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *