ඇමරිකානු ණය සීමා ඉහළ දැමීමට එකඟතාවක්

අමෙරිකානු ණය සීමාව ඉහළ නැංවීමට සහ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂය අතර එකඟතාවක් ඇති කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට අදාළ ගිවිසුමකට එළඹීමට නියමිත බව අමෙරිකානු කථානායක කෙවින් මැකාති ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව, අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 31.4කින් ණය සීමාව ඉහළ නැංවීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සහ රිපබ්ලිකන් පක්ෂ නායකයා අතර එකගතාව පළවී ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *