සිංගප්පූරුවේ සහ ජපානයේ සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි දිවයිනට පැමිණ ඇත.
පසුගිය අඟහරුවාදා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු සංචාරයෙන් අනතුරුව ජපානයේ පැවති “28 වන ආසියාවේ අනාගතය” සමුළුවට සහභාගී වී තිබිණි.
ඊයේ (27) රාත්‍රී මැලේසියාවේ ක්වාලාලාම්පූර්නුවර සිට මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.


