මෙරට සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම ආකාරයෙන් තමන්ටම ආවේනික වූ ගමනක් යන ගායකයෙක් සහ සංගීතවේදියෙක් වන සංඛ දිනෙත් සිය නවතම ගීතය එළිදක්වා තිබෙනවා.
‘වරක් දැක්කොත්’ නමින් නිර්මාණය කර ඇති මෙම ගීතය සඳහා බොලිවුඩ් සුපිරි ගායන තරුවක් වන උදිත් නාරායන් එක්ව තිබීමද විශේෂත්වයක්.
ඒ අනුව සංඛ දිනෙත් සමඟින් බොලිවුඩ් සුපිරි ගායන තරුවක් වන උදිත් නාරායන් සමග ගායනා කරන මෙම ගීතය පද රචනය ශෙහාන් ගලහිටියාව සහ මාස් උද්දීන් කුරේශි විසින් සිදු කර තිබෙනවා.
මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේ සංඛ දිනෙත් විසින්මයි.


