විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (මැයි 18) පස්වරුවේ පැවැත්වීමට නියමිත ය.
බදු සංශෝධන පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කිරීමට තමන් බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නහැක පැවසීය.
බදු ප්රත්තිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමෙන් සහ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට සහභාගි වීමෙන් වැළකී වෘත්තීය ක්‍රියාමාර්ගයක ද පසුගිය දා නිරත විය.
එහිදී ඔවුන්ගේ ඉල්ලීම වූයේ, තම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ය.


