නුවරඑළියට කේබල් කාර් ව්‍යාපෘතියක්!

සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවය.

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට එම ව්‍යාපෘතිය හඳුන්වා දෙන බව සභාපතිවරයා පැවසීය.

මේ සඳහා නව වැඩසටහන් රැසක් හඳුන්වාදීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

ඊට අමතරව ලෝකයේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් මෙරටට රැගෙනවිත් රාත්‍රී කාලයට සංචාරකයින්ගේ විනෝදාස්වාදය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බව සභාපතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *