සියලුම අන්තර් පළාත් බස් සඳහා GPS උපකරණ සවි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, දැනටමත් ලියාපදිංචි අන්තර් පළාත් බස් රථවලින් තුනෙන් එකකට අදාළ උපකරණ සවිකර ඇති බවයි.
ඒ යටතේ වැඩි වේලාවක් බස්, නැවතුම්පොළවල නවතාගෙන සිටීමට නොහැකි වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.


