පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයන් ගැන කැබිනට් යෝජනාවක්…

මෙවර පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස නාමයෝජනා භාර දුන් රාජ්‍ය සේවකයින්ට අදාළව ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මෙම කැබිනට් අනුමැතියට අනුව අපේක්ෂකයන්ට තරග කරන දිස්ත්‍රික්කය හැර ළඟම ඇති පළාත් පාලන කොට්ඨාසය තුළ රැකියාවල නිරත වීමට හැකියාව පවති.

රජයේ සේවකයින් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

රාජ්‍ය පරිපාලන සහ ස්වාදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට එලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, ඡන්දයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට අදාළ වැටුප් සහ දීමනා ගෙවීමට ද නිර්දේශ හිමිව ඇති බවය.

ඒ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සියලු පළාත් පාලන ආයතන වෙත ලබාදී ඇති බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *