අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට…

මිල සූත්‍රයට අනුව ගෑස් මිල පහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

නිල නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර කළේ, සංශෝධනය කළ මිල ගණන් අද (මැයි 3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ය.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 100කින් ද, කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් ද, කිලෝග්‍රෑම් 2.3ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19කින් ද පහළ යනු ඇත.

මිල ගණන් පහළ දැමීමෙන් අනතුරුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,638ක් ද කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,462ක් ද කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 681ක් වන බව ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *