දෙමෝදර ආරුක්කු නවයේ පාලම මතදි අප්‍රිකානු සංචාරක යුවලකට මී මැසි ප්‍රහාරයක්!

දෙමෝදර ආරුක්කු නවයේ පාලම මතදී මී මැස්සන් රංචුවක් පැමිණ විදේශිකයන් දෙදෙනකුට දෂ්ට කරන ආකාරය දැක්වෙන ‘ත්‍රාසජනක ජවනිකාවක්’ එම විදේශිකයන් විසින්ම ‘යූටියුබ්’ හරහා අන්තර්ජාලයට එක්කර තිබේ. මෑතකදී විවාහ වූ සංචාරක බ්ලොග්කරුවන් යුවළක් වන දකුණු අප්‍රිකානු ජාතික ලීන් සහ ඩෑන් මෙම අත්දැකීමට මුහුණදී ඇත.

මීමැසි දෂ්ටනයට ලක්වන මෙම විදේශිකයන් යුවල බේරාගැනීම සඳහා අවට සිටි පිරිස් කටයුතු කර ඇත. එසේම ඔවුන්ට අවශ්‍ය මුලික වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට පාලම ආසන්නයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.

ඩෑන් සඳහන් කර ඇති ආකාරයට ඔහුගේ ගෙලෙහි පමණක් මීමැසි විත් 15ක් තිබී ගලවා ඉවත් කර ඇත. ලීන් ද කිහිප වතාවක් මීමැසි දෂ්ටනයට ලක්ව ඇති අතර පසුව ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබාදෙන තිබේ.

දෙමෝදර ආරුක්කු පාලමේ පහල කොටසේ මීමැසි ජනපද පවතින බැවින්, සංචාරකයන්ට කල්පනාකාරී වන ලෙස වගකිවයුතු ආයතන උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *