“ප්‍රතිත්‍රස්ත පනත සංශෝධනයකින් තොරව ඉදිරිපත් කළොත් අභියෝගයට ලක් කරනවා”- නීතීඥ සංගමය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කළේය.

 අදාල පනත් කෙටුපම්තේ වගන්ති අපරාධ යුක්තිය පසදලීමේ ක්‍රමවේදයේ මූලධර්ම උල්ලංඝනය කරන බවත් එය මූලික අයිතිවාසිකම්වල පටහැනි බවත් කමිටුව නිර්දේශ කර තිබේ.


ඒ අනුව එහිදී අනාවරණය වී ඇත්තේ පනත් කෙටුම්පතේ  3,4,10,11,13,14,15,16,28,30,31,36,82,83, 84,85, සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවය.

එසේම එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පවසයි.

අදාළ කමිටුව විසින් නිරීක්ෂණය කර ඇති මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ අමාත්‍යාංශය සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ට කරුණු දැක්වීමක් සිදුකිරීමට නියමිත බවද එහි සඳහන්ව ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ සංශෝධනයකින් තොරව කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යය පත්‍රයට ඇතුළත් කළහොත් එය අභියෝගයට ලක් කිරීමටද කටයුතු කරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *