ෂෙල් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම ජුනි මස ආරම්භ කරයි

ප්‍රමුඛ පෙළේ විදෙස් ඉන්ධන බෙදා හැරීමේ සමාගමක් වන RM Parks-Shell සමාගම මෙරට තුළ ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් ලබන ජූනි මස ආරම්භ කිරීමට නියමිත ය.

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම සමාගමේ නිලධාරීන් සමග මාර්ගගත ක්‍රමය ඔස්සේ හමුවක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු බලධාරීන් හා පැවැත්වීමෙන් අනතුරුව මේ බව තීරණය වී ඇත.

මෙම සාකච්ඡාවේදී අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කොට ඇත.

මෙහිදි මැයි මස මැද දිනයක ගිවිසුම්ගත වීමට වෙන් කර ගැනීමට සහ ජුනි මස පළමු සතියේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට එකඟතාවය එම සමාගම පළ කළ බවද විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *